Tuesday

අද සුපුවත -ඔක්තෝබර් 13

අද සුපුවත -ඔක්තෝබර් 13

සමිදාණන්ගේ නාමයට සදා ප්‍රශංසා වේවා 

පළමු කියවීම/ගලාති 4:22-24,26-27,31-5:1

22 ආබ්‍රහම්ට පුත්‍රයන් දෙදෙනෙකු සිටි බව එහි කියා ඇත. එක් දරුවෙක් වහල් ස්ත්‍රියගෙනි. අනික් දරුවා නිවහල් ස්ත්‍රියගෙනි. 23 වහල් ස්ත්‍රියගේ පුතා ස්වාභාවික ලෙස ද, නිවහල් ස්ත්‍රියගේ පුතා දේව පොරොන්දුව අනුව ද උපන්නො‍් ය. 24 මෙය උපමාවකි. ස්ත්‍රීහු දෙදෙනා ගිවිසුම් දෙකකි. වහල් කමට දරුවන් දැරූ ස්ත්‍රිය, සීනයි කන්දෙන් පැමිණෙන ගිවිසුම ය. ඒ හාගර් ය. 26 එහෙත් නිවහල් ස්ත්‍රිය නම් ස්වර්ගීය ජෙරුසලම යි. ඒ අපගේ මාතාව ය. 27 ඒ ගැන ශුද්ධ ලියවිල්ලේ මෙසේ ලියා ඇත: 
''දරුවන් නොලැබූ වඳ ස්ත්‍රිය, ප්‍රීති වන්න, ප්‍රසව වේදනා නොවිඳින ස්ත්‍රිය, ප්‍රීතියෙන් මොරදෙන්න. 
මන්ද, පුරුෂයා ඇති ස්ත්‍රියට වඩා හැරදමනු ලැබූ ස්ත්‍රියට දරුවෝ බොහෝ ය.'' 31 එබැවින්, සහෝදරවරුනි, අපි වහල් ස්ත්‍රියකගේ නොව, නිවහල් ස්ත්‍රියකගේ දරුවෝ වෙමු.1 ක්‍රිස්තුන් වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමට ය. එබැවින් දාසකම නමැති වියගහකට නැවත යටත් නොවී ස්ථිර ව සිටින්න. 

සුවිශේෂය/ලූක් 11:29-32

29 සමූහයා උන් වහන්සේ වෙත රැස් කකා එද්දී උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක: ''මේ පරම්පරාව නපුරු එකකි; ඔව්හු හාස්කමක් සොයති. එහෙත් ජෝනා හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ඇත. 30 ජෝනා නිනිවයේ වැසියන්ට යම්සේ ලකුණක් වී ද එසේ ම මනුෂ්‍ය-පුත්‍රයාණෝ මේ පරම්පරාවට ලකුණක් වන සේක. 31 දේව විනිශ්චය දවසේ දී, දකුණු දිශාවේ රැජින මේ පරම්පරාවේ මනුෂ්‍යයන්ට විරුද්ධ ව නැඟිට ඔවුන් වරදට පත් කරන්නී ය; ඈ සලමොන්ගේ ප්‍රඥාව අසනු වස් පොළොවේ සීමාන්තවල සිට පැමිණියා ය. බලන්න, සලමොන්ගේ ප්‍රඥාවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙ‍හි තිබේ. 32 නිනිවයේ මනුෂ්‍යයෝ විනිශ්චය දවසේ දී මේ පරම්පරාව සමඟ නැඟී සිට ඔවුන් වරදට පත් කරන්නො‍් ය; මන්ද, ජෝනාගේ ධර්ම දේශනා අසා ඔව්හු පසුතැවී සිත් හරවා ගත්හ. බලන්න, ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙ‍හි තිබේ.''